01 – Epoxy resin crafts for beginners
රෙසින් පසුගිය වසර කිහිපය තුළ ඉතා ජනප්‍රිය උන craft එකක්. රෙසින් යනු ප්‍රයෝජනවත් සහ අලංකාර භාණ්ඩ නිෂ්පාදනය කිරීමට භාවිතා කළ හැකි ආකර්ෂණීය හා අද්විතීය අමුද්‍රව්‍යයක්. රෙසින් ප්ලාස්ටික් සහ වීදුරු වලට සමාන ගුණාංග ඇති, විවිධ ශිල්ප සඳහා සුදුසු වෙනවා. ඒත්, ප්ලාස්ටික් සහ වීදුරු වගේ නෙමෙයි ,රෙසින් සංකීර්ණ යන්ත්‍රයක් හෝ වෙනයම් හෝ සංකිර්ණ කියාවලියක් නැතුව නිවසේදී සෑදිය හැකි නිර්මාණයක්.
මිතුරන් සහ පවුලේ අයට තෑගි කිරීමට රෙසින් යොදා ගත හැක. ස්වර්ණාභරණ සිට කේක් ස්ටෑන්ඩ් දක්වා සහ බොත්තමේ සිට මේස මුදුන් දක්වා සියල්ල ඇතුලත් ය. එකින් එකට පුද්ගලයාගෙන් පුද්ගලයාට රෙසින් art එක වෙනස්,දිලිසෙන වර්ණක සහ වියළි මල් එකතු කිරීමත් සමඟ නිර්මාණාත්මක හැකියාවන් සමග මෙම නිර්මාණ නිමක් නොමැතිව සිදු කර ගත හැක.
ඕනෑම දෙයක් සෑදීම සඳහා මිලදී ගැනීමට රෙසින් මෝල්ඩ් නිමක් නැතිව තිබේ. මොල්ඩ් කැමති වාර ගණනක් භාවිතා කළ හැකිය. සිලිකොන් රබර් භාවිතයෙන් අපිටම මොල්ඩ් සාදා ගත හැක
රෙසින් යනු කුමක් ද?
රෙසින් යනු කොටස් දෙකක ද්‍රවයක් වන අතර එය එකට මිශ්‍ර වූ විට රසායනික ප්‍රතික්‍රියාවක් ඇති කර දෘඩ වස්තුවක් සෑදේ.රෙසින් හාඩ්නර් සමද මිශ්‍ර කල විට ඒවා ප්‍රතික්‍රියා කර තාපය නිපදවයි. රෙසින් සහ දෘඩකාරක අනුපාතය වෙළඳ නාම අතර වෙනස් වන අතර ලංකාවේ අපිට බහුලවම 2:1 රෙසින් සොයා ගත හැක.
resin තාපයට ඔරොත්තු දෙනවාද?
කෝස්ටර් වැනි තාපය සමඟ ස්පර්ශ වන art සදහා ඔබට තාප ප්‍රතිරෝධී රෙසින් භාවිතා කිරීම හොදයි. තාප ප්‍රතිරෝධක රෙසින් සඳහා dry වන කාලය දිගයි ( අච්චුව ඉවත් කිරීමට පෙර දින කිහිපයක් බලා සිටීමට සිදු වේ).ඉතින් ඒ කියන්නේ දැනටමත් ඔයාලා දන්නවා අපි use කරන්නේ තාප ප්‍රතිරෝදී resin නෙමෙයි කියලා.
අත්කම් සඳහා රෙසින් භාවිතා කරන්නේ කෙසේද ?
පියවරෙන් පියවර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
රෙසින් බහුලව ස්වර්ණාභරණ සහ උපාංග සෑදීම සඳහා භාවිතා කරයි.
පහත පියවරෙන් පියවර මාර්ගෝපදේශය සරලව මෝල්ඩ් එකක් යොදාගෙන මුලින්ම art එකක් කරන්න හිතාගෙන ඉන්න අය වෙනුවෙන්,
අවශ්‍ය දේවල්..
resin සහ හාර්ඩ්නර්
මිනුම් cup
මිශ්‍ර කිරීමට cup
අත්වැසුම්
Popsicle stick
මොල්ඩ්
ටූත්පික්ස්
ඔබේ මේසය සඳහා ආරක්ෂිත ආවරණය (සිලිකන් මැට් එකක් වඩාත් හොඳයි )
හීට් gun එකක් හෝ ලයිටර් එකක්
හොඳින් වාතාශ්‍රය ඇති ස්ථානයක්
ශ්වසන ආවරණයක්
අමතර
රෙසින් වර්ණක
glitter
වියළි මල්
පබළු
Foil
ඉවත දැමිය හැකි කෝප්ප
අත් පිස්නාවක්
අත්කම් සඳහා ඉෙපොක්සි රෙසින් මිලදී ගත හැක්කේ කොහෙන්ද..?
රෙසින් අත්කම් සඳහා සැපයුම් අන්තර්ජාලය හරහා මිලදී ගත හැකි බොහෝ online shop තියෙනවා.
මේ හැමදේම ඕන නෑ.ඔයාට හොයා ගන්න පුලුවන් උපරිමයක් හොයා ගන්න.
සැලසුම් කරන්න
ඔබ ආරම්භ කිරීමට පෙර, ඔබ කළ යුතු දේ සැලසුම් කළ යුතුය. රෙසින් සම්බන්ධයෙන් ගත් විට මිශ්‍ර කළ පසු, එය සමඟ වැඩ කිරීමට සීමිත කාලයක් විතරයි තියෙන්නේ. එ නිසා ආරම්භ කිරීමට පෙර පැහැදිලි සැලැස්මක් තිබීම ක්‍රියාවලිය වඩාත් ලිහිල් කර ගන්න පුලුවන්..
පියවර 1
උපදෙස් කියවන්න.
රෙසින් වල එයටම ආවේණික වූ උපදෙස් මාලාවක් තියෙනවා.ඔයා use කරන්නේ මොන රෙසින් වර්ගයද කියලා බලලා ඒක මික්ස් කරන විදිහ කියවලා දැන ගන්න
පියවර 2
ඔයා වැඩ කරන්න ස්ථානයක් සූදානම් කර ගන්න
උණුසුම්, ස්ථාවර උෂ්ණත්වයක් ඇති ඇති හොදින් වාතාශ්‍රයක් ඇති තැනක් සොයා ගන්න
පිරිසිදුවට හා පිළිවෙලට තබා ගන්න (ඔයාගේ art වලට දූවිලි වළක්වා ගැනීමට)
tips = සීතල සහ තෙතමනය dry කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී හා රෙසින් වල දෝෂ ඇති කරනවා.
පියවර 3
ආරක්ෂිත උපක්‍රම භාවිතා කරන්න.
පියවර 4
නියමිත අනුපාතයට මිශ්‍ර කරන්න
tips = රෙසින් dry වූ පසු පහසුවෙන් පිරිසිදු කළ හැකි බැවින් සිලිකොන් කෝප්ප භාවිතා කරන්න.
මන්දගාමී වේගයකින් විනාඩි 3 ක් පමණ මිශ්‍ර කරන්න (වේලාවන් වෙනස් විය හැක, ඔබේ උපදෙස් පරීක්ෂා කරන්න).
මිශ්‍රණයට අමතර වාතය එක නොවීමට තමයි හිමින් මික්ස් කරන්න කියන්නේ එතකොට බෝල හිටිනවා අඩුයි. .
මිශ්‍ර කළ පසු, අච්චුවට වත් කිරීමට පෙර බුබුලු පොප් වීමට ඉඩ දීම සඳහා මිනිත්තු දෙකක් හෝ තුනක් cup එකේම තබන්න.
පියවර 5
මෙම පියවර අත්‍යවශ්‍ය නොවේ, රෙසින් දිලිසීමට අවශ්‍ය නම් glitter දිලිසෙන dust එකතු කරන්න (See the image below)
Glitter mix කරලා අච්චුවට වක්කලාට පතුලේ ගිලෙනවා (පහත රූප සටහන බලන්න).
දිලිසෙන බව වැඩිපුර පෙනෙන්නට අවශ්‍ය නම්, අවම වශයෙන් වත් කිරීම් දෙකක්වත් කළ යුතුය (මෝල්ඩ් එක ඝන නම් රූප සටහන 2).
මේ වගේ අදියර වල් දෙක තුනක් කරන්නේ මෝල්ඩ් එකෙන් art එක ඉවත් නොකරන්න.
රෙසින් වලට වර්ණ එකතු කිරීමට අවශ්‍ය එය කරන්න පුලුවන් ,වර්ණ එකතු කිරීම සඳහා ඔබට රෙසින් වර්ණක, ඇල්කොහොල් තීන්ත හෝ මයිකා කුඩු භාවිතා කළ හැකිය. final art එකේ ඉරි ඇති නොවීමට හොදින් මිශ්‍ර කීරීමට වග බලා ගන්න. ජලය අඩංගු කිසිවක් භාවිතා නොකරන්න,එහෙම උනොත් රෙසින් dry වෙන එක නතර වෙන්න පුලුවන්
මයිකා කුඩු හොඳින් මිශ්‍ර කළ යුතුය, දියර වර්ණවලට වඩා ටිකක් මිශ්‍ර කිරීමට අත්‍යවශ්‍යයි . මයිකා මිශ්‍ර කර නොමැති නම්,කෑලි විවිධ වර්ණවලින් ඉරි හෝ පැල්ලම් ඇතිවිය හැක
පියවර 6
මොල්ඩ් එක පුරවන්න. අච්චුවේ ප්‍රමාණය සහ ගැඹුර අනුව කොපමනද කියාලා වෙන්ස් වෙනවා
විශාල අච්චු: මිශ්‍ර කිරීමෙන් පසූව කෝප්පයෙන් කෙළින්ම වත් කරන්න
කුඩා අච්චු: කුඩා ප්ලාස්ටික් හැන්දක් භාවිතා කරන්න
මුලින් පටන් ගන්න අය නම් ලොකු මොල්ඩ් වලට යන්නේ නැතුව මුලින් කුඩා මොල්ඩ් එකක් තෝරා ගන්න
රෙසින් art එකට එකතු කිරීමට අවශ්‍ය ස්ටිකර්, පබළු හෝ වියළි මල් වැනි දෑ තිබේ නම් ඒවා දැන් එක් කරන්න. දිගු උල් තුඩක් ඇති දෙයක් twicer එකක් භාවිතා කරන්න පුලුවන්.මෙම දේවල් ඇතුළු කිරීමෙදී ඇති විය හැකි බුබුලු ගැන විමසිල්ලෙන් සිටින්න.
Note: කඩදාසි එක් නොකරන්න
පියවර 7: තවමත් බුබුළු ඇත්නම් ඒවා ඉවත් කරන්න.
බුබුළු ඉවත් කිරීමේ ලිපිය කියවන්න.
resin art එකට සැරසිලි එකතු කරන්න (විකල්ප පියවර)
රෙසින් dry වීමට ප්‍රතම වියළි මල්, ස්ටිකර්, පබළු මෙන්ම සිදුරු නොවන ඕනෑම දෙයක් එක් කල හැක.
පියවර 8
dry වෙන්න දෙන්න. රෙසින් dry වීමට ආරක්ෂිත ස්ථානයක තබන්න.
Dry වීමට බලපාන විවිධ සාධක තිබේ. සාමාන්‍ය dry වීමට පැය 12 සිට දින 3 දක්වා ගත වේ.
️කාමර උෂ්ණත්වය
️ප්‍රමාණය (දුස්ස්‍රාවීතාවය)
️රෙසින් වෙළඳ නාමය
️රෙසින් වර්ගය
ළමයින්ට සහ සුරතල් සතුන්ගෙන් ඈත්ව හොඳින් වාතාශ්‍රය ඇති කාමරයක තබන්න.
ඉක්මන් නොවන්න! dry වෙලාද කියලා හැමවෙලේම අල්ල අල බලන්න යන්න එපා එතකොට ඔයාගේ මහන්සිය අපතේ යනව, ඉවසිලිවන්තව සිටීමට උත්සාහ කරන්න.
රෙසින් භාගෙට වක් කලොත් මැදින් ගිලා බහිනවා.හරිය්ට වලක් වගේ.එතකොට දාර හරිම තියුනුයි. ඒ නිසා සම්පූර්ණයෙන් පුරවන්න. පහත රූප සටහන බලන්න.
පියවර 9
dry වූ පසු ඉවත් කරන්න.
රෙසින් dry වෙන්න දවසක් තිබ්බට පස්සේ මොල්ඩ් එකෙන් ගලවන්න පුලුවන්.හිමින් කරන්න මොල්ඩ් එක ඉරෙන්න පුලුවන්
පියවර 10
මුදුන රලු නම් වැලි කඩදාසි භාවිතයෙන් ඉවත් කරන්න. රෙසින් වලට අමතර දීප්තියක් ලබා දීම සඳහා පොලිෂ් භාවිතා කළ හැකිය.
රෙසින් අංශු ආශ්වාස නොකිරීමට මුහුනු ආවරනයක් පලදින්න safety tips ලිපිය කියවන්න.මම රෙසින් art කරන අයගේ වීඩියෝ (නිතරම බලනවා.මම දකිනවා සමහර අය තේ කොප්පය ලග තියාගෙන රෙසින් ඩ්‍රිල් කරනවා.ඒහෙම කරන්න එපා.රෙසින් අංශු කැවෙනවා නොදැනුවත්වම.)
දිලිසෙන ගතිය මදු වගේ නම් උඩින් නැවතත් රෙසින් තට්ටුවක් දමන්න.දෙපැත්තෙන් ගලාගෙන යන්න බලනවා.ඒ හින්දා පොඩි toothpick එකක් වගේ දෙකින් හිමින් විසුරුවන්න.
රෙසින් වර්na ගැන්වීම
රෙසින් වර්නක වර්ග බොහොමයක් තිබේ.වර්නක එකතු කිරීම හැකියාව මත පදනම්ව වෙනස් වෙනවා.විවිද filling වර්ග අත් හදා බලන්න ඔයාලට පුලුවන්.
️ඇල්කොහොල් තීන්ත
️මයිකා කුඩු
️පිග්මන්ට් පවුඩර්
alcohol ink droppers සහිත කුඩා බෝතල් වලින් ලබා ගත හැකි අතර දීප්තිමත් හා transparent,solid,night glowing yaන ආකාර බොහෝමයකට ලබා ගත හැක. අවශ්‍ය වන්නේ බිංදු කිහිපයක් පමනයි.
මයිකා කුඩු
මයිකා යනු ඉතා සියුම් විශේෂ දිලිසෙන ගුනයක් ඇති සිලිකේක් වර්ගයකි.
resin සඳහා මයිකා කුඩු විවිද වර්න වලින් ලබා ගත හැක.
පිග්මන්ට් පව්ඩර්
මේවත් මයිකා වගේම තමයි.ඒත් දිලිසෙන්නේ නෑ.මැට් look එකක් ලබා ගන්න pigment powder use කරන්න පුලුවන්.
දිලිසෙන gliter ද භාවිතා කල හැකිය.කොපමන භාවිතා කරනවද කියම එක නිර්මාණ අනුව වෙනස් වේ.
Glitter විශාල විවිධ හැඩ වලින් තිබේ.squeeze විවිද හැඩ හා ප්‍රමන වලින් ලබා ගත හැක.දිලිසෙන fleck විවිද වර්න ඇත.
foil විවිද වර්න වලින් ඇත.
ස්ටිකර්
රෙසින් වලට විනෝදජනක සැරසිලි එකතු කිරීමට ඔබට ස්ටිකර් භාවිතා කළ හැකිය. මේවා නිර්මාණයෙන් නිර්මාණයට වෙනස් වේ.art එකට එකතු කල හැක්කේ ප්ලාස්ටික් ස්ටිකර් පමනයි කඩදාසි වලට රෙසින් අවශොශනය වන නිසා අවලස්සන වෙනවා.
latter beads
ප්ලාස්ටික් අකුරු පබළු රෙසින් නිර්මාණය නම් හෝ ප්‍රියතම දේ උපුටා දැක්වීමට එකතු කල හැක.අකුරු පබළු විවිධ වර්ණ හා හැඩයන්ගෙන් යුක්තවේ.
ඒවා එක් කිරීමට ප්‍රතම දිශාව පරික්ශා කර බලන්න.නිර්මාණය කර ඇත්තේ කනපිටට නම් ඒ ආකාරයට කියවීමට පහසු වල ලෙස ඒවා එකතු කරන්න.
වියළි මල්
සම්පූර්ණයෙන්ම වියළි ඇති මල් සඳහා සුදුසු වේ. විශේෂ සිදුවීම් වලින් ඉතා විශේෂ සිහිවටන සෑදීමට සිලිකා ජෙල් දමා මල් වෙලා ගත හැක.. මල් වේලන ක්‍රමය මෙම පොස්ට් එක කියවන්න.
මොල්ඩ් එකේ ප්‍රමාණයට මල් තෝරා ගන්න
පෑන්
මෝස්තර නිර්මාණය කිරීමට තීන්ත පෑන් භාවිතා කරන්න පුලුවන්.dry උනාට පස්සේ අපිට රෙසින් උඩ අදින්න ලස්සන පාට පෑන් භාවිතා කරන්න පුලුවන්.
මම දාපු කලින් ලිපිත් කියවන්න.. මීට අදාලව ඔයාලා දන්න දේවලුත් කමෙන්ට් කරගෙන යන්න..
ස්තූති
සිතාරා
ප.ලි පහත පින්තූර සහ මම අලවි කරන දෑ අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර , ඒවා අන්තර්ජාලයෙන්ලබා ගත් පින්තූර වේ.
Thank you for the great instructions