කැමති ද ගෙදර ඉදලා dry flowers හදාගන්න ..
අවශ්ය ද්‍රව්‍ය
නැවුම් මල්
සිලිකා ජෙල්
වාතය රහිත ප්ලාස්ටික් බදුනක් ( විනිවිද පෙනෙන)
වතුර වීදුරුවක් (මයික්රෝවේව් ක්රමය සදහා පමණි)
උපකරණ
කප්පාදු කරන්න කතුරක්
අත්වැසුම් සහ මුව වැස්මක්
පින්සලක්
සාම්ප්රදායික ක්රමය:
අඟල් 1.5 ක් පමණ ඝන තට්ටුවක් සෑදෙන තුරු වාතය රහිත භාජනයකට සිලිකා ජෙල් දමා ගන්න.කඳන් කපා කොළ ඉවත් කර ගත් මල් මුහුණට මුහුණ සිලිකා ජෙල් මුදුනේ තබා පෙති වලට හා මල් වැසෙන සේ සිලිකා ජෙල් තට්ටුවක් දමා ගන්න.කන්ටේනරය වසා තබා දින 2-4 ක් සිසිල් වියළි ස්ථානයක තබන්න. (පොහොට්ටු දමන්නේ නම් මම දින ගනන් වෙනස් වේ.) සම්පූර්ණයෙන්ම වියලූ පසු සිලිකා ජෙල් වලින් මල් ඉවත් කර ගෙන පින්සලෙන් අතිරික්ත ජෙල් ඉවත් කරන්න.විනිවිද පෙනෙන බදුනක් යොදා ගන්නේ පියර නොඇර පිටතින් මල් වියලි ඇතිදැයි බැලීම පහසු වීමටය.
මයික්රෝවේව් ක්රමය:
පලමු ක්රමයේ මෙන් මුල් පියවර අනුගමනය කරන්න, නමුත් මයික්රෝවේව් ආරක්ෂිත භාජනයක් භාවිතා කිරීමට වග බලා ගන්න. (පියනක් අවශ්ය නොවේ.) මල් සහිත කන්ටේනරය වතුර වීදුරුවක් සමඟ මයික්රෝවේව් (පියනක් නොමැතිව) තබන්න. වියලෙන තුරු මිනිත්තු 1 ක කාලයක් තබන්න. පොහොට්ටු හෝ ඝනකම් වැඩි මල් සඳහා මිනිත්තු 1-3 ක් ගතවේ. පින්සලෙන් අතිරික්ත සිලිකා ජෙල් මෘදු ලෙස ඉවත් කර ගන්න.
.
වැදගත්
මල් සිලිකා ජෙල් වලින් වියලූ පසු ආහාර වියලිව තබා ගැනීම සඳහා නැවත භාවිතා කරන්න එපා. ජෙල් වලට මල් වල ඇති සමහර පළිබෝධනාශක අවශෝෂණය කර ගන්න පුලුවන් කමක් තියෙනවා.
සිලිකා ජෙල් නැවත භාවිතා කරන්න පුලුවන්.තෙතමනය අවශෝෂණය කර ගැනීමට බැරි නම් සිලිකා ජෙල් රෝස පැහැ වේ.