sithusresin.lk

Sign In | Sign Up

ලිපි අංක – 12 – පාච්මන්ට් කඩදාසිවලින් මල් වියළන ආකාරය how To Dry Flowers With Parchment

ලිපි අංක – 12 – පාච්මන්ට් කඩදාසිවලින් මල් වියළන ආකාරය
how To Dry Flowers With Parchment
dried flowers on parchment paper
ලිපි අංක – 12 – පාච්මන්ට් කඩදාසිවලින් මල් වියළන ආකාරය
how To Dry Flowers With Parchment
 
එහෙනම් දැන් බලමු කොහොමද කියල
මීට කලින් මම ඔයාලට මල් වේලන ක්‍රම දෙකක් කියලා දුන්න.ඒ පොස්ට් වල ලින්ක් මම මේ පොස්ට් එකට යටින් දන්නම් . බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලලා අදහසක් ගන්න පුලුවන්
 
 
සමහර මල් ඔයාට ගෙවත්තෙන් ලබා ගන්න පුලුවන් ,දැන් ඔයාට මේ මල් ඔයාගේ මීළඟ රෙසින් ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට අවශ්‍ය පරිදි පාච්මන්ට් කඩදාසිවලින් මල් වියළා ගත හැකි ආකාරය මෙන්න.
 
පියවර 1: ඔබේ පෙති තෝරන්න.
නැවුම් පෙති කිහිපයක් තෝරා පාච්මන්ට් කඩදාසි මත තබන්න.
 
පියවර 2: පෙති ආවරණය කරන්න
පාච්මන්ට් කඩදාසි තවත් තට්ටුවකින් ඒවා ආවරණය කරන්න. ඊළඟට, මල් වටා පාච්මන්ට් කඩදාසි කැබැල්ල නමන්න, ‘සැන්ඩ්විච්’ එකක් හදනවා වගේ දන්න. ඊට පස්සෙ , කාඩ්බෝඩ් කැබැල්ලක් මත සැන්ඩ්විච් එක තියන්න . අවසාන වශයෙන්, ඉහලින් බර පොතක් තබන්න.
 
Pro tip: තෙතමනය නිසා, සෑම දින දෙක තුනකට වරක් පිටත පාච්මන්ට් කඩදාසි තට්ටුව වෙනස් කරන්න.
 
පියවර 3: පෙති විවෘත කරන්න
පාච්මන්ට් කඩදාසිවලින් මල් වේලලා ආසම හිතෙන කොටස තමයි මේක.පාච්මන්ට් කඩදාසිවලින් සති දෙකක් වියළී ගිය පසු මල් පෙනෙන්නේ තිබුනා වගේම පාට වෙනස් නොවී
 
වාසි: අවශ්‍ය වන්නේ පාච්මන්ට් කඩදාසි සහ බර පොතක් පමණි.
 
වර්ණය එලෙසමයි .
 
අවාසි:
වියළීමට සති දෙකක් ගතවෙන්න පුලුවන්
 
කඩදාසි සෑම දින දෙකකට වරක් වෙනස් කරන්න ඕන.
සමස්තයක් වශයෙන්, ක්රියාවලිය හරි ලේසි .
හොදට මතක තියා ගන්න .මම මේ කියලා දුන්නේ පොඩි පොඩි වැඩ වලට මල් පෙති වේලගන්න විදිහ,සම්පුර්න මල් නෙමෙයි . සම්පුර්න මල් වෙලන විදිහ දැනගන්න ඕන නම් ලිපිඅ ංක 01/ලිපි අංක 11 කියවන්න .
 
try කරලා වැඩේ කොහොමද කියලා මටත් කියන්න.මීට කලින් දාපු ලිපි ටිකත් කියවන්න.. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *