sithusresin.lk

Sign In | Sign Up

Epoxy Resin භාවිතා කිරීමේ අතුරු ආබාධ

⭐Epoxy Resin භාවිතා කිරීමේ අතුරු ආබාධ මොනවාද?

ඔයාට රෙසින් විෂවීමක් සිදුවී ඇති බව පෙන්නුම් කරන විවිධ රෝග ලක්ෂණ තියෙනවා.
මෙම රෝග ලක්ෂණ ශරීරයේ විවිධ කොටස්වල ඇති විය හැකි අතර දරුණු ආබාධ වල සිට සරල ආබාධ දක්වා වෙනස් වෙන්න පුලුවන්. රෙසින් විෂ වීමේ රෝග ලක්ෂණ ඔයාගේ පුද්ගල සෞඛ්යය සහ නිරාවරණය වන ප්රමාණය අනුව එක් පුද්ගලයෙකුගෙන් තවත් කෙනෙකුට ගෙඩාක් දුරට වෙනස් වෙනවා.
රෙසින් විශ වීමේ පොදු අතුරු ආබාධ
⬇️අසාත්මිකතා
සමේ දැවිල්ල රෙසින් වලට නිරාවරණය වීමේ වඩාත් සුලභ දරුණු බලපෑම් වලින් එකකි. යම් අසාත්මිකතාවක් නිසා සම අධික ලෙස ක්රියා කරන විට මෙම තත්ත්වය ඇති වෙනවා. එක් වරක් හෝ කිහිප වතාවක් නිරාවරණය වීමෙන් පසුව මෙම තත්ත්වය ඇති වෙන්නත් පුලුවන්.
ඇස් ඉදිමීම,තොල් ඉදිමීම වැනි තත්ත්වය වර්ධනය වීමේ සම්භාවිතාව ඔයාගේ ප්රතිශක්තිය මත රඳා පවතී. ඒ වගේම ඔයාගේ සම රෙසින් වලට නිරාවරණය වන මට්ටම මත රඳා පවතිනවා.
රෙසින් භාවිතා කරන හැමොටම සම පිළිස්සීම් ඒ තරම් නිතරම වෙන දෙයක් නෙමෙයි එහෙත්, එය දිගු කලක් සම මත පවතී නම් පිළිස්සුම් සමක් ඇති වෙන්න පුලුවන් . මෙය සුළු වේදනාවකින් ආරම්භ වන අතර කාලයත් සමඟ දැඩි වේදනාවක් බවට පත් වෙනවා. පිළිස්සුණු සම ​​තරමක් කැළලි හෝ දුර්වර්ණ වෙන්න පුලුවන්.
මේ වෙන බලපෑම් ඔයාගේ ඇගේ රෙසින් ගැවුනේ කොතනද කියන එක අනුව වෙනස් වෙනවා.මෙනවා උනත් කොහේ රෙසින් ගෑවුනත් ගෑවුන ගමන් ඉක්මනට රෙසින් ඉවත් කර ගන්න try කරන්න.
⬇️පිළිකා
සමහර රෙසින් සමේ පිළිකා ඇති කරන්නත් පුලුවන්. මෙයට හේතුව සමහර රෙසින් වර්ග වල පිළිකා කාරක සංඝටක අඩංගු වෙන නිසා ඒ මොන රෙසින් වර්ගද කියලා මට හොයා ගන්න බැරි උනා.මම නම් හිතන්නේ හැම වර්ගයම වෙන්නත් පුලුවන්.
⬇️රෙසින් පෙණහලුවලට වන බලපෑම
රෙසින් මිශ්ර කිරිමෙන් පසුව dry වන කාලය අතර තුර එයින් වායු පිට වෙනවා. මෙවා ආශ්වාස කිරීමෙන් ඇදුම වැනි විවිධ ශ්වසන ගැටළු ඇති වෙන්න පුලුවන්.
dry වු රෙසින් drill කරනකොට වැලි කඩදාසි අල්ලනවා නම් එතකොටත් දූවිලි පිටවෙනවා.මෙම අංශු ඔබේ ශ්වසන පද්ධතියේ සිර වෙලා ඒවා ස්වසන ආබාධ වලට හේතුවක් වෙනවා.
රෙසින් ආශ්වාස කිරීම සමහර පුද්ගලයින්ට ඇදුම වැනි පෙනහළු රෝග වර්ධනය වීම හේතුවක් වෙන්න පුලුවන්. ඇදුම කියන්නේ ස්ථිර සෞඛ්ය තත්වයක්. ඒ හින්දා ඇදුම හැදුනොත් රෙසින් වලට සුළු වශයෙන් වත් නිරාවරණය වීම පවා අපහසුයි.
ඇදුම රෝග ලක්ෂණ කිහිපයක් ඇතුළත් වේ;
▫️️හුස්ම ගැනීමේ අපහසුතා
▫️️කැස්ස
▫️️හුස්ම හිරවීම
▫️️පපුවේ අමාරුව
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
පොදුවේ ගත් කල, රෙසින් විෂ වීම ශරීරයේ විවිධ පද්ධතිවලට බලපෑම් කරන්න පුලුවන්. නිදසුනක් වශයෙන්, එය ඔබේ පෙනහළු, නාසය, ආමාශය, උගුර, මුඛය, සම සහ ඇස් වලට බලපෑම් කළ හැකිය. බලපෑම රඳා පවතින්නේ හානියේ තරම සහ ඔබ කෙතරම් ඉක්මනින් ප්රතිකාර ලබා ගන්නේද යන්න මතය.
හොඳම ප්රතිකාරය ආසාත්මික වීමට පෙර ඉන් වැලකී සිටීමයි.
රෙසින් විශවීම බොහොමයක් මාරාන්තික වෙන්නේ නෑ. ඒත් හැකි ඉක්මනින් සුදුසු ප්රතිකාර ලබා ගැනිම සුදුසුයි කියලා මම හිතනවා.
රෙසින් නිසා ඇති වෙන්න පුලුවන් ගොඩාක් සෞඛ්ය ගැටලු තියෙනව.
නිවැරදි ආරක්ෂිත පියවරයන අනුගමනය කිරිමෙන් ආරක්ෂිතව රෙසින් භාවිතා කරන්න පුලුවන්.මීට කලින් මම දාපු safty tips ලිපිය කියවන්න..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *