රෙසින් ආරක්ෂාව ( safety tips for resin art )
රෙසින් සමඟ වැඩ කිරීමේදී ඔබව ආරක්ෂා කර ගැනීමට සහ ආරක්ෂිතව සිටීමට ඔබට කළ හැකි දේ මෙන්න ඔබේ පෙනහළු ආරක්ෂා කර ගැනීමට මාස්ක් එකක් පළඳින්න
️රෙසින් කොටස් දෙක මිශ්‍ර කල විට, එය dry වෙන්න ආරම්භ වන අතර එහි ඇති වායු ඉවත් වීම දිගට සිදු වන දෙයක්.එය සාමාන්‍යයෙන් වෙළඳ නාමය මත පදනම්ව පැය 24 – 72 ක් පමණ කාලයක් වැය වෙන්න පුලුවන්.රෙසින් mix කලාම dry වෙන එක කවුරුත් දන්නවා camicale react එකක් කියලා,ඒ නිසා ඒක විස නැ කියන්න කාටවත් බෑ.
️ආරක්ෂාව සඳහා මාස්ක් සොයන විට, එය පහත සඳහන් දෑ ඇතුළත් වි තිබිය යුතුය.
️රෙසින් සඳහා වන මාස්ක් N95 හෝ N95 සමාන වන මාස්ක් එකක් වීම වැදගත්.
️කාබනික පෙරහන් තිබිය යුතුමයි.
️ පෙනහළු ආරක්ෂා කිරීම සඳහා මුඛය සහ නාසය පමණක් ආවරණය කරන අර්ධ මුහුණු ආවරනයක් හෝ ඇස් ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණ මුහුනු ආවරනයක් භාවිතා කරන්න පුලුවන්.
ඔබේ දෑත් ආරක්ෂා කර ගැනීමට නයිට්‍රයිල් අත්වැසුම් පළඳින්න
ආරක්ෂාව සඳහා ඔබේ කාමරයේ හොඳ වාතාශ්‍රයක් තිබීම.
️රෙසින් වලින් ආරක්ෂාව සඳහා පිටත තැනක් තෝර ගන්න. ගෘහස්ථව රෙසින් සමඟ වැඩ කරන්නේ නම්, නැවුම් වාතය ඇතුලු වන ස්ථානයක් සහ පැරණි වාතය පිටතට යන ස්ථානයක් ඇති තැනක් තෝර ගන්න.සරලව කියනවා නම් ජනේලයක් ලග මේසයක් තියා ගන්න.
රෙසින් dry වන කාලය අතරතුරත් වාතාශ්‍රය දිගටම ලැබීමට සලස්වන්න.
රෙසින් වෙනත් රසායන ද්‍රව්‍ය සමඟ මිශ්‍ර නොකරන්න
️සමහර විට අහම්බෙන් ඔයාගේ සම මතට රෙසින් වැටෙන පුලුවන්.එතකොට ඒවා ඇල්කොහොල්, තීන්ත හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය දාලා ඉවත් කිරන්න try කරන්න එපා.තේ හැදි එකක් පමණ බේකිං සෝඩා අතට අරන් වතුර නැතුව අත් දෙක ස්ක්‍රබ් කරන්න
️පසුව අත් සෝදන්න. අවශ්‍ය නම් නැවත කරන්න
රෙසින් මිශ්‍ර කිරීමේ උපදෙස් අනුගමනය කරන්න
️විවිධ වර්ග වල වර්ග වල රෙසින් කුමන අනුපාතයකින්ද mix කරන්නේ කියලා හොයලා බලන්න.රෙසින් වර්ග ගොඩාක් තියෙනවා.
️වැඩි ප්‍රමාණයක් එක වර හදාගන්න ඕන නම් ඒක කොටස් වශයෙන් කරන්න. වරකට වැඩිපුර රෙසින් මිශ්‍ර කිරීමෙන් අධික ලෙස රත් වෙන්න පුලුවන්.
දරුවන් නොමැතිව රෙසින් භාවිතා කරන්න සහ එය ළමයින්ගෙන් ආරක්ෂිතව තබා ගන්න
️ළමුන් ලග තබා ගෙන රෙසින් භාවිතා කරන්න එපා .සමහර අයට රෙසින් ඉතා ආසාත්මිකයි. dry නොවු රෙසින් වලට නිරාවරණය වුනාම ඇස් ඉදිමීම ඇති වෙන්න පුලුවන් .තවමත් dry වෙමින් පවතින රෙසින් art, හසුවීමට හෝ ක්‍රීඩා කිරීමට නොහැකි තැනක තබා ගන්න. Resin dry වෙනකොට අතිශයින්ම ඇලෙන සුළුයි. හිසකෙස් වල හෝ සමෙ ගෑවුනොත් පහසුවෙන් පිරිසිදු කිරීමට හැකියාවක් නෑ.
මම හිතනවා ඔයාලා දැනටමත් සමහර දේවල් ආරක්ෂාව වෙනුවෙන් කරනවා ඇති කියලා.දිගටම රෙසින් art ගැන පොස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා..
ස්තූති
සිතාරා .