sithusresin.lk

Sign In | Sign Up

resin coloring secrets you need to know – ඔබ දැනගත යුතු resin වර්ණක රහස්

ලිපි අංක 12  – resin coloring secrets you need to know – ඔබ දැනගත යුතු resin වර්ණක රහස් 

 

resin  වර්ණ ගන්වන ආකාරය ගැන අපි මොහොතකට කතා කරමු.

මෙම කලාව සහ විද්‍යාව සම්බන්ධ මාතෘකා වලින් එකකි.

විද්‍යාව නීති තියෙනවා. රෙසින්  වලටත් නීති තියෙන්වා ඒක  තමයි විද්‍යාව.

නමුත් සමහර විට  එම නීති කඩ කළ හැකිය. ඒක තමයි කලාව.

ඒ වගේම  ඒ දෙකම කරන්න කැමති අයට තමයි  රෙසින්  තියෙන්නෙ . ඉතින්, රෙසින්  වර්ණ ගන්වන්නේ කෙසේද යන්න පිළිබඳ මම දන්න පුන්චි පුන්චි දෙවල් ටිකක් මෙහෙම බෙදාගන්න මම හිතුවා,, වැරදි තියෙන තැන් හා මීට අමතරව ඔයාට දන්න දෙවල් කමෙන්ට් කරගෙන යන්නකෝ..

මෙය සියලුම රෙසින් ආට් වල සිට  සියලු  ගැඹුරු වක්කිරීම් සදහා  සෑම  දෙයකටම

#1: හොඳම ප්රතිඵල සඳහා, රෙසින්  සඳහා නිර්මාණය කර ඇති වර්ණයක් භාවිතා කරන්න
මේක ලොකු රහසක් නෙමෙයි ඒත් මේකට  හේතු තියෙනව. එම වර්න පමනක් භාවිතා කිරීමෙන්

* වර්ණය වෙනස් නොකර වෙලීමට,
*රෙසින්  මෘදු හෝ ඇලෙන සුළු බවට පත් නොකීරීමට

ප්‍රශ්නයක් නොවී රෙසින් ආට් කරන්න පුලුවන්

වෙන දේවල්  එපා කියලා මම කියන්නේ නැ.

#2: එක් වෙළඳ නාමයක වර්ණයක් වෙනත් වෙළඳ නාමයක රෙසින්  සමඟ භාවිතා කළ හැකිද?
පිළිතුර *ඔව්*,  කිසි විටෙකත් ගැටළු ඇති නොවේ .

ඒත් මම හිතුවට වඩා වෙනස් පාටක් මට ලැබෙන්නත් ඉඩ  තියෙනවා.

#3: රෙසින්  වර්ණ ගැන්වීම සඳහා පහත දේවල්  යොදා ගන්න ප්ලුවන්

*ඇක්‍රිලික් තීන්ත. 💡 Pro tip: මිශ්‍ර රෙසින් කොටස්  දහයකට තීන්ත කොටස් එකකට වඩා භාවිතා නොකරන්න.

*අයි ෂැඩෝ

රහස #4: සමහර දේවල් රෙසින් ආට් එක  අවලස්සන කරනවා

*තෙල් තීන්ත.
*නිය ආලේපන.
* වෝටර් බේස් තීන්ත

නිතර අහන ප්‍රශ්න වලට  පිලිතුරු

01 මම ඇල්කොහොල් තීන්ත  භාවිතා  කරනව  ඒත්   මගේ රෙසින් ආට් එක වෙලෙන්නෙ නැ. ඇයි ඒ ?

ඔයා ඕනවට වඩා  තීන්ත දාලා. ඊලග පාර අඩුවෙන් උත්සහ කරන්න.

 

02. වර් න තීන්ත සමග සුදු තීන්ත මික්ස් කරන්න අනුපාතයක් තියෙනවද ?

ඔයාට උවමනා පාට හදාගන්නකල් ඒක කරන්න පුලුවන් ,, දෙකම ඇල්කොහොල් වෙන්න ඕන.

 

03. මම ෆුඩ් කලරින් යුස් කලට කමක නැද්ද.. මොනවත් වෙයිද ?

ඒවාගේ ගොඩක් වතුර් ගතිය වැඩි.. ඉතින් සමහර විට වෙලෙන්නේ නැති වෙන්න පුලුවන් . රබර් වගේ වෙන්න පුලුවන්

 

04. හර්ඩ්නර් දන්න කලින් මට  පාට දන්න් පුලුවන්ද?

ඔව් ඔයාට දන්න පුලුවන්, හැබැයි රෙසින් දාපු ගානට ඔය පාවිච්චි කරන රෙසින් වර් ගේ අනුපාතය මික්ස් කල යුතුයි .

 

05. ඇල්කොහොල් තීන්ත සමඟ මයිකා කුඩු කලවම් කළහොත් මොනවා වෙයිද. තීන්ත නැතුව මයික විතරක් යූස් කරන්නද,දෙකම මික්ස් කරනව දැකල තියෙන්වා, ඒත් වෙනස මම දන්නෙ නැ.?

මික්ස් කලාට  කමක් නැ,, දෙකම වෙන වෙනම පාවිච්චි කරන්න ප්ලුවන්,, මයිකා දානව න්ම් හොදට මික්ස් කරන්න තැත්තම්  පිටි වගේ තැනින් තැන ඉතුරු වෙනව ..

මම කලින් පොස්ට් කරපු ඒවත් කියවන්න.හොදයි නම්.like කරලා share කරන්න..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *