සාමාන්‍ය UV Resin සහ Dip UV Resin අතර වෙනස මොකක්ද?
075 256 1993
රෙසින් ආර්ට් කරන අයට ඇතිවන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය UV Resin සහ Dip UV Resin අතර වෙනස. මේ දෙකම UV Light මගින් වේලෙනවා උනත් ඒවා නිර්මාණය කර ඇති කාර්යයන් සම්පූර්ණයෙන්ම වෙනස්.
සාමාන්‍ය UV Resin කියන්නේ මොකක්ද?
සාමාන්‍ය UV Resin යනු ඝනකමක් ඇති, මෝල්ඩ් තුළ වක්කර නිර්මාණ සෑදීම සඳහා නිපදවා ඇති රෙසින් වර්ගයක්.
භාවිතා කරන ආකාරය
• Silicone Mold වලට දාලා
• Key Tags සෑදීම
• Pendants සහ Jewelry නිර්මාණය
• Bookmarks
• Coasters
• Dry Flowers සහ Glitter Art
Mold එකට Resin වත් කරන්න.
අවශ්‍ය අලංකාර ද්‍රව්‍ය එකතු කරන්න.
UV Lamp එක යටතේ තබන්න.
වේලුනාට පස්සේ Mold එකෙන් ගලවන්න
Dip UV Resin කියන්නේ මොකක්ද?
Dip UV Resin යනු Wire Art Flowers, Butterfly Wings සහ Petal Designs සඳහා නිර්මාණය කර ඇති ඉතා ඝනකම දියරමය UV Resin වර්ගයක්.
සාමාන්‍ය UV Resin වගේ Mold වලට වක් කිරීමට මේක හරියන්නේ නෑ.
භාවිතා කරන ආකාරය
Wire Frame එකක් සාදා ගන්න.
Dip UV Resin තුළ එය ගිල්වන්න.
තුනී Film එකක් සෑදෙන තෙක් සෙමින් ඉවත් කරන්න.
UV Light යටතේ වේලාගන්න
මෙම ක්‍රමයෙන් මල් පෙති, සමනල පියාපත් සහ ඉතා සැහැල්ලු නිර්මාණ සෑදිය හැක.
UV Light යටතේ කොපමණ වේලාවක් තැබිය යුතුද?
සාමාන්‍ය UV Resin
• තුනී ස්ථරයක් – තත්පර 60 සිට 120 දක්වා
• මධ්‍යම ඝනකම – මිනිත්තු 2 සිට 5 දක්වා
• ඝන නිර්මාණ – මිනිත්තු 5 සිට 10 දක්වා.
Dip UV Resin
• තුනී Film එකක් – තත්පර 30 සිට 60 දක්වා
• තරමක් විශාල Flower Petals – තත්පර 60 සිට 120 දක්වා
UV Lamp එකේ බලය (36W, 48W, 72W ආදී) අනුව මෙම කාලයන් වෙනස් විය හැක.
මිල ගණන් වල වෙනස
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වෙළඳපොළ අනුව:
සාමාන්‍ය UV Resin (google)
• 100g – රු. 2,000 සිට 4,500 දක්වා
• 200g – රු. 4,000 සිට 8,000 දක්වා
Dip UV Resin
• 100g – රු. 3,000 සිට 6,000 දක්වා
• 200g – රු. 6,000 සිට 10,000 දක්වා.
Dip UV Resin සාමාන්‍යයෙන් මිලෙන් වැඩි වන්නේ එය විශේෂ කාර්යයක් සඳහා නිෂ්පාදනය කරලා තියෙන නිසා
ඔබට ගැලපෙන්නේ මොකක්ද?
මේවා හදනවා නම් සාමාන්‍ය UV Resin තෝරන්න
• Key Tags
• Jewelry
• Bookmarks
• Coasters
• Dry Flower Art
මේවා හදනවා නම් Dip UV Resin තෝරන්න
• Wire Flowers
• Rose Petals
• Butterfly Wings
• Fairy Wings
• Lightweight Floral Decorations
