ඇයි රෙසින් හදන්න බඩු අරන් ටික කාලෙකට පස්සේ විකුනන්න දාන්නේ

මගෙන් අහන ප්‍රශ්නයක් මේක.. ඇයි රෙසින් හදන්න බඩු අරන් ටික කාලෙකට පස්සේ විකුනන්න දාන්නේ.මටත් ආසයි පටන් ගන්න.ඒත් බයයි..

මේ ප්‍රශ්නයට හොඳ ව්‍යාපාරික හා මානසික පැත්තෙන් පිළිතුරු තියෙනවා. බොහෝ දෙනා රෙසින් වැඩ පටන් ගන්නවා ආකර්ෂණය හා විනෝදයක් විදිහට. ඒත් කාලයත් එක්ක කාටවත් පේන්නේ නැති ප්‍රශ්න එනවා. ඒ නිසාම බොහෝ අය රෙසින් නවතා දමනවා.

ඇයි කියලා බලමු:

  • 1. ආරම්භයේ උනන්දුව – පසුව අකැමැත්ත – පටන් ගන්න වෙලාවේ දැකපු YouTube, TikTok, Instagram වල විඩියෝ 4ටෝ දැකලා රෙසින් set එකක් ගන්නවා. – ඒත් ඇත්තටම bubble, curing issues, mold damage වගේ දේවල් එනකොට එපා වෙනවා.
  • 2. කාලය මදි වීම / ඉවසීම අඩුවීම – රෙසින් mix කරන්න, mold clean කරන්න, sanding, packaging – මේ ඔක්කොම වෙනත් වැඩවලට වඩා වැඩි කාලයක් ගන්නවා. – ඔයා “hobby” එකක් විදිහට පටන් ගන්නවා. නමුත් ඒක full-time එකක් වගේ ගන්න වෙනවා වෙනවා.
  • 3. වියදම් – ආදායම නොමැති වීම – Resin, pigment, mold, tools, UV lamp, safety items – මේ හැම එකක්ම මිල වැඩියි. – නවතම නිර්මාණය කලාට “විකුණන්න” නම් හොඳ photography, branding, delivery system එකක් ඕන. – මෙවැනි දේවල් නොමැති නම් ලැබෙන්නේ like වලින් විතරයි – සල්ලි ආදායමක් නැහැ.
  • 4. Techniques වල අඩු පැහැදිලිවීම – Resin වැඩ වැරදි proportion, mix time, curing temp එක නිසා rubbery / sticky / cracked වෙනවා. – මේ වගේ fail ගොඩක් වෙද්දී තමන්ට මෙක මට “බෑ” කියලා හිතනවා.
  • 5. Market එකේ අවදානය අඩුවීම – එක වෙලාවට ගොඩක් අය resin items විකුණනවා. – uniqueness නැති වීමත්, ගන්න අය අඩුවීමත් නිසා sales down වෙනවා. – එකක් “හොඳයි, qwoth ඒකම හදනවා
  • 6. ජීවිතයේ වෙනස්කම් – ගැබ්ගැනීම, විදේශ ගමන්, කාලය අඩුවීම, career changes,ඇලජිස් මේවා නිසාත් වැඩ නවත්තන්න වෙනවා

ඒකට විසඳුම්:

  • ඉගෙනීම – අරමුදල් කලින්ම නොවැය කරන්න
  • Mini projects වලින් පටන් ගන්න
  • Online classes / local support group එකකට එකතු වන්න.ඒත් ඉතින් මේ මේ class වලින් කියලා කිවුවට උගන්නලා තියෙන දෙකුත් නෑ.class එකක් තෝර ගන්න කොට හිදට හොයලා තෝර ගන්න.
  • Brand එකක් හදා ගන්න
  • අදාල niche එකක් තෝරන්න – eg: only jewelry, memorial pieces, bookmarks

මේ තත්වයට වැටෙන්නේ නැතුව සාර්ථකව resin work එකේ ඉන්න පුළුවන් විදියේ Motivation Guide එකක් මට තේරෙන විදිහට

  • 1. ආරම්භය හැමෝම fail වෙලා තමා පටන් ගන්නේ. ඔයා හිතනවා ඇති: “මට මේක කරන්න බැරි වෙයි…” ඒත් අපි බලමු: Thomas අල්වා Edison 1000 වතාවක් bulb එක fail වුනා.
  • ඔයාත් resin කරනකොට වැරදුනා කියලා නවතින්න එපා, ඒක ඉගෙනීමක්!
  • 2. බලාපොරොත්තු උන reality එකටම ගැලපෙන්නේ නෑ. Instagram reels එකේ ලස්සන,fb එකේ තියෙන ලස්සන එක වගේ ඔයාගේ එක එයි කියලා හිතලා කරන්න එපා.
  • 3.මෙහෙම වෙන්නෙ ඔයාලා විතරක් නෙමෙයි.
  • 4. “අයෙත් fail උනොත්?” → අයෙත් try කරන්න. Resin projects එකක් කියන්නේ = patience + experiment

කොපි කරලා පොස්ට් කරන්න එපා.share කරමු නේද

සිතාරා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top