රෙසින් (resin), විශේෂයෙන් epoxy resin, නිවැරදි ආරක්ෂාවක් නැතුව භාවිතා කරන විට සෞඛ්‍යයට හානිකර අතුරු ආබාධ කිහිපයක් ඇති විය හැක.
මෙම රෝග ලක්ෂණ ශරීරයේ විවිධ කොටස්වල ඇති විය හැකි අතර දරුණු ආබාධ වල සිට සරල ආබාධ දක්වා වෙනස් වෙන්න පුලුවන්. රෙසින් විෂ වීමේ රෝග ලක්ෂණ ඔයාගේ පුද්ගල සෞඛ්‍යය සහ නිරාවරණය වන ප්‍රමාණය අනුව එක් පුද්ගලයෙකුගෙන් තවත් කෙනෙකුට ගෙඩාක් දුරට වෙනස් වෙනවා. රෙසින් විශ වීමේ පොදු අතුරු ආබාධ රෙසින් භාවිතයේ අතුරු ආබාධ (Side Effects) ආසාත්මිකතා ප්‍රතිචාර (Allergic Reactions)
අසාත්මිකතා සමේ දැවිල්ල රෙසින් වලට නිරාවරණය වීමේ වඩාත් සුලභ දරුණු බලපෑම් වලින් එකකි. යම් අසාත්මිකතාවක් නිසා සම අධික ලෙස ක්‍රියා කරන විට මෙම තත්ත්වය ඇති වෙනවා. එක් වරක් හෝ කිහිප වතාවක් නිරාවරණය වීමෙන් පසුව මෙම තත්ත්වය ඇති වෙන්නත් පුලුවන්. ඇස් ඉදිමීම,තොල් ඉදිමීම වැනි තත්ත්වය වර්ධනය වීමේ සම්භාවිතාව ඔයාගේ ප්රතිශක්තිය මත රඳා පවතී. ඒ වගේම ඔයාගේ සම රෙසින් වලට නිරාවරණය වන මට්ටම මත රඳා පවතිනවා. රෙසින් භාවිතා කරන හැමොටම සම පිළිස්සීම් ඒ තරම් නිතරම වෙන දෙයක් නෙමෙයි එහෙත්, එය දිගු කලක් සම මත පවතී නම් පිළිස්සුම් සමක් ඇති වෙන්න පුලුවන් . මෙය සුළු වේදනාවකින් ආරම්භ වන අතර කාලයත් සමඟ දැඩි වේදනාවක් බවට පත් වෙනවා. පිළිස්සුණු සම තරමක් කැළලි හෝ දුර්වර්ණ වෙන්න පුලුවන්. මේ වෙන බලපෑම් ඔයාගේ ඇගේ රෙසින් ගැවුනේ කොතනද කියන එක අනුව වෙනස් වෙනවා.මෙනවා උනත් කොහේ රෙසින් ගෑවුනත් ගෑවුන ගමන් ඉක්මනට රෙසින් ඉවත් කර ගන්න try කරන්න. චර්ම ආසාත්මිකතා (Skin Allergies) – epoxy resin එකේ amine hardeners හේතුවෙන්: – රතු පැහැය – කැරකීම / ගින්නක් වගේ හැඟීම – දිගුකාලීනව භාවිතා කළොත් eczema වගේ රෝග
පිළිකා සමහර රෙසින් සමේ පිළිකා ඇති කරන්නත් පුලුවන්. මෙයට හේතුව සමහර රෙසින් වර්ග වල පිළිකා කාරක සංඝටක අඩංගු වෙන නිසා ඒ මොන රෙසින් වර්ගද කියලා මට හොයා ගන්න බැරි උනා.මම නම් හිතන්නේ හැම වර්ගයම වෙන්නත් පුලුවන්. චර්මයෙහි පිළිකා (Skin Irritation) – රතු පැහැය – ගිනි ගන්නවා වගේ හැඟීම
රෙසින් පෙණහලුවලට වන බලපෑම රෙසින් මිශ්‍ර කිරිමෙන් පසුව dry වන කාලය අතර තුර එයින් වායු පිට වෙනවා. මෙවා ආශ්වාස කිරීමෙන් ඇදුම වැනි විවිධ ශ්වසන ගැටළු ඇති වෙන්න පුලුවන්. dry වු රෙසින් drill කරනකොට වැලි කඩදාසි අල්ලනවා නම් එතකොටත් දූවිලි පිටවෙනවා.මෙම අංශු ඔබේ ශ්වසන පද්ධතියේ සිර වෙලා ඒවා ස්වසන ආබාධ වලට හේතුවක් වෙනවා. රෙසින් ආශ්වාස කිරීම සමහර පුද්ගලයින්ට ඇදුම වැනි පෙනහළු රෝග වර්ධනය වීම හේතුවක් වෙන්න පුලුවන්. ඇදුම කියන්නේ ස්ථිර සෞඛ්‍ය තත්වයක්. ඒ හින්දා ඇදුම හැදුනොත් රෙසින් වලට සුළු වශයෙන් වත් නිරාවරණය වීම පවා අපහසුයි. ඇදුම රෝග ලක්ෂණ කිහිපයක් ඇතුළත් වේ; ▫️️හුස්ම ගැනීමේ අපහසුතා ▫️️කැස්ස ▫️️හුස්ම හිරවීම ▫️️පපුවේ අමාරුව ▫️️හිසරදය ▫️️ඇස් ඉදිමීම ▫️️හුස්ම ගැනීමේ අපහසුතාව
ශරීරයට විෂක්‍රියාව (Toxic Reactions) – දිගු කාලීන ලෙස inhale කිරීමෙන්: – කුෂ්ඨ රෝග, ඇස් හා හුස්ම සම්බන්ධ ගැටලු – කාලයත් සමඟ අධි සංවේදීතාව (sensitisation)
UV Resin එකේ ආලෝකය – UV light බලශක්තියෙන් ඇස් හා සිනිදු පටලයන්ට හානි විය හැක. – සෘජු UVA light එකේ දිගු exposure වලින් ඇස් ආබාධ විය හැක.
UV Resin භාවිතයේ ආරක්ෂාත්මක ක්‍රම
1. Gloves (Nitrite හොඳයි) – UV resin සුළු වශයෙන්වත් skin එකට ගෑවෙන්න දෙන්න එපා 2. UV-blocking eye wear – UVA light ප්‍රතිරෝධී ඇස් ආවරණ පlaදින්න 3. Face mask හොඳ ventilation එකක් නැත්නම් mask යොදාගන්න. 4. UV resin භාවිතය අතරතුරත් පසුදිනත් අත්වල හොඳින් සෝදාගන්න. 5. UV lamp එක දිහා සෘජුවෙන් බලන්න එපා
ආරක්ෂාවට පියවර
1. ආවරණය සහිත ඇඳුම් ඇදීම 2. Gloves 3. Mask (N95 හෝ Activated carbon mask) 4. Ventilation – පරිසරය හොඳින් වායුසරණිය විය යුතුය. 5. Protective eyewear – UV resin භාවිතයේදී විශේෂයෙන් වැදගත්ය. 6. දරුවන් හා සතුන් සිටින ස්ථානවලින් ඉවත් වීම
සෞඛ්‍ය උපදෙස්
ගර්භණී මාතාවන්ට රෙසින් කරන්න හොඳ නැද්ද? ලිපිය කියවන්න https://web.facebook.com/share/v/19QnJZt3id/
ආරක්ෂාව: ලිපිය කියවන්න
https://sithusresin.lk/2023/01/13/safety-tips-for-resin-art/
– ලක්ෂණ පවතී නම් roහල්වල Allergy/Respiratory specialist වෙත යාම අවශ්‍යයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පොදුවේ ගත් කල, රෙසින් විෂ වීම ශරීරයේ විවිධ පද්ධතිවලට බලපෑම් කරන්න පුලුවන්. නිදසුනක් වශයෙන්, එය ඔබේ පෙනහළු, නාසය, ආමාශය, උගුර, මුඛය, සම සහ ඇස් වලට බලපෑම් කළ හැකිය. බලපෑම රඳා පවතින්නේ හානියේ තරම සහ ඔබ කෙතරම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්නේද යන්න මතය. හොඳම ප්රතිකාරය ආසාත්මික වීමට පෙර ඉන් වැලකී සිටීමයි. රෙසින් විශවීම බොහොමයක් මාරාන්තික වෙන්නේ නෑ. ඒත් හැකි ඉක්මනින් සුදුසු ප්‍රතිකාර ලබා ගැනිම සුදුසුයි කියලා මම හිතනවා. රෙසින් නිසා ඇති වෙන්න පුලුවන් ගොඩාක් සෞඛ්ය ගැටලු තියෙනව. නිවැරදි ආරක්ෂිත පියවරයන අනුගමනය කිරිමෙන් ආරක්ෂිතව රෙසින් භාවිතා කරන්න පුලුවන්.
