ඇයි රෙසින් රබර් වගේ නැමෙන්නේ?
රෙසින් එක රබර් වගේ නැමීලා, දැඩි වීමක් නැතිව නම්, ඒකට කිහිපයක්ම හේතු තියෙනවා. එය සිදුවන පොදු හේතු සහ විසඳුම්
රෙසින් එක රබර් වගේ වන හේතු සහ විසඳුම්
1. නිවැරදි අනුපාතයෙන් Resin & Hardener mix නොකිරීම පොදුම හේතුවක්. රෙසින් මැනලා හෝ කිරලා ගන්නකොට අනුපාතය වෙනස් උනොත් මේ වගේ වෙන්නත් පුලුවන්.ඒ නිසා හරියට බලලා මැනලා හෝ කිරලා ගන්න.
විසඳුම: නිෂ්පාදකයා දක්වන 1:1, 2:1 3;1 වැනි නිවැරදි ප්‍රමාණය නිරවද්‍යව භාවිතා කරන්න.
2. නිරවද්‍යව mix නොකිරීම (Under-mixing) එකම අතට හිමීට කලවම් කරන්න.
විසඳුම: 2-3 විනාඩි වටා වටා slow & steady mix කරන්න.සම්පූර්ණයෙන් පැහැදිලි වන තුරු.
3. නියම උෂ්ණත්වය නොමැතිව වියළීම (Cold Curing) වියලෙන්නේ නැතුව, “soft & bendy”
විසඳුම: රෙසින් වියළෙන්න කාමර උෂ්ණත්වය 25°C – 30°C (77°F – 86°F) අතර තිබිය යුතුය. සීතල අඩවියක නම්, උණුසුම දීලා help කරන්න. මේසේට ලං කරලා වෝල්ට් සීයක පමණ බල්බ් එකක් දාගන්න.Heat box/warmer box භාවිත කරන්න පුළුවන්.
4. අවශ්‍ය curing කාලය නොමැතිව mold එකෙන් ඉවත් කිරීම අවසන් curing එකකට පෙර mold එකෙන් remove කළොත් rubbery බවක් තිබෙනවා.
විසඳුම: නිෂ්පාදකයා කියන පරිදි 24 – 72 පැය හෝ UV resin නම් පූර්ණ UVA light exposure එකක් දෙන්න. රෙසින් dry වීමට වැඩි කාලයක් අවශ්‍යයි රෙසින් dry වෙන අතරතුර, එය අර්ධ ඝන බවට පත් වේ. නමුත් මෘදු සහ නම්‍යශීලී වේ. වෙනත් වචන වලින් කියනවා නම්, ඒවා dry වෙලා තියෙන්නේ , නමුත් ඒක එහෙම වෙලා නෑ,රබර් වගේ නැමෙනවා.. රෙසින් dry වෙන කාලය දෙවරක් පරීක්ෂා කරන්න.රෙසින් dry වීමට වැඩි කාලයක් ලබා දෙන්න.
5. කල් ඉකුත් වුන resin භාවිතය වලංගු කාලය ඉකුත් වුනොත් resin curing reaction එක අඩුවෙයි.
විසඳුම: expiry date බලන්න අවසන් වුන resin discard කරන්න. රෙසින් පරණ විය හැක විශේෂයෙන් ඒවා නිසි ලෙස ගබඩා කර නොමැති නම්. තෙතමනය රෙසින් වලට එකතු වෙලා වෙන්න පුලුවන්.. සරලව කියනවා නම් හුලං වැදිලා
6. filling වර්ග රෙසින් අලංකාර කිරීමට යොදා ගන්නා gliter , dry flowers වගේ දේවල් මොල්ඩ් එකේ ප්‍රමාණයට වඩා හෝ යොදා ගන්නා රෙසින් ප්‍රමානයට වඩා වැඩි වූ විට මෙලෙස වෙන්නත් පුලුවන්.
විසඳුම:නියමිත පොඩි ප්‍රමානයක් එකතු කරන්න.
7.රෙසින් තෙතමනය රඳවා තබා ගනී රෙසින් සඳහා නිර්මාණය නොකළ වර්ණ (ඇක්‍රිලික් තීන්ත වැනි) භාවිතා කරන විට, ඒවා රෙසින් වලට ජලය එක් කරයි. මෙම ජලය රෙසින් මෘදුව තබයි. නැතහොත් රෙසින් ඇලෙන සුළු බවින් හා රබර් ස්වභාවයෙන් යුක්ත කරයි.
විසඳුම; රෙසින් සඳහා පමණක් භාවිතා කරන විශේෂ පිග්මෙන්ට් භාවිත කරන්න.
8.රෙසින් වර්ග සමහර රෙසින් දැඩි ලෙස dry නොවේ. තුනී ස්ථරයක වත් කළ විට ඒවා නැමෙන්න බලනවා,.රෙසින් තෝරා ගැනීමේදී සැලකිලි මත් වෙන්න.
9.රෙසින් තුනී ස්ථරයක් ලෙස වත්කර ඇත්නම්,, සමහර රෙසින් තුනී ස්ථරයක් ලෙස වත් කළ විට නැමීම සාමාන්‍ය දෙයක්. සමහර රෙසින් සම්පූර්ණ dry වන කාලයෙන් පසු වත් නම්‍යශීලී විය හැක. වැඩි කාලයක් dry වෙන්න කාලයක් ලබා දුන්නත් ඒක වෙනස් වෙන්නේ නෑ.
10.රේසින් වර්ග වෙනස් වීම. තව වර්ගයක රේසින් එකක් හෝ hardener එකක් සමග වෙනත් වර්ගයක resin එකක් හෝ hardener එකක් මික්ස් කිරීම.අනුපාතය වෙනස් හා වෙළඳ නාම දෙකක hardener එකක් හෝ රෙසින් එකක් සමග මික්s කරන එක.
විසඳුම;ඔයා ලඟ ඉතුරු වෙලා තියෙන රෙසින් හෝ හාඩ්නර් එක ගත්ත online shop එකෙන්ම ඉවර වෙලා තියෙන වර්ගය ලබාගන්න.
