රෙසින් නිර්මාණයකට පින්තූරයක් ඇතුළත් කරනකොට විශේෂ සැලකිලිමත් වෙන්න ඕන කාරනා

රෙසින් නිර්මාණයකට පින්තූරයක් ඇතුළත් කරනකොට විශේෂ සැලකිලිමත් වෙන්න ඕන කාරනා තියෙනවා.

මෙහිදී නිවැරදි ක්‍රම පාවිච්චි නොකලොත් පින්තූරය රෙසින් යට තැලීම, වතුරක් ගිය වගේ පෙනීම, පාට බොදවී යාම වගේ ගැටළු ඇතිවෙන්න පුලුවන්.

  • 1. පින්තූරය print කර ගන්නා ආකාරය: Laser print එකක් භාවිතා කරන්න. Inkjet print එකකට resin එක soak වෙලා ink එක වහාම බොද වෙනවා. – Glossy photo paper භාවිතය වලක්වන්න – කවදා හරි resin නිර්මාණය තුලදී පින්තුය මැකිලා යන්න අවදානමක් තියෙනවා.
  • 2. තට්ටු කියක් දැමිය යුතුද? – ඔව්, thin clear resin layer එකක් පලවෙනි පිටපතකට දමන්න. පින්තූරය මැද දාගෙන ඉහළට තවත් resin layer එකක් දාන්න. – එවිට picture එක exact මැද..
  • 3. පින්තූරය අපැහැදිලි වෙනවද? – නිවැරදි resin එකක් (high clarity, non-yellowing epoxy) භාවිතා කරොත් තරමක් safe. – ලෙමිනේට් නොකළොත් පින්තූරය බොද පුළුවන්.
  • 4. ලෙමිනේට් කල යුතුද? – අනිවාර්ය නොවෙයි, ආරක්ෂාවට හොඳ ක්‍රමයක්. – ලෙමිනේට් කරන්න හොඳින් cut කර edges glue කරන්න – resin leak වීම වැලැක්වීමට.
  • 5. ලෙමිනේට් නොකරන ක්‍රමයක්: – Print එක mod podge/ clear sealant එකක් 2–3 coat වගේ දාන්න. – වියවී ගිය print එකක් නම් UV resistant spray coat එකක්වත් දාන්න.
  • 6. කාලය – කොපමනක් පවත්නාද? – හොඳ print, sealing, resin එක භාවිතා කලොත් වසර ගණනාවකට පවත්නා විය හැක. – Direct sunlight, heat, humidity වලට දාන්නේ නැත්තේනම් color change වීම අඩුයි.

පින්තූරයක් සාර්ථකව දැමීම සදහා පියවරෙන් පියවර

  • 1. පින්තූරය තෝරාගන්න – Laser printer එකකින් print කරගන්න. (Inkjet print එකක් නම්, මුද්‍රණය sealing කරන්න) – Glossy paper වඩා matte/normal paper හොඳයි. – අවශ්‍ය ප්‍රමාණයට cut කරන්න.
  • 2. Print එක seal කිරීම (අනිවාර්ය නැති නමුත් highly recommended) – Mod Podge / clear drying glue / UV-resistant spray coat එකක් 2-3 පන්තියෙන් දැමීම – සීලින් කිරීමෙන් ink යාම, වතුර වැනි තැලිවීම වලක්වයි – සීලින් කරලා හොඳින් වියවෙන්න දෙන්න
  • 3. Resin mold එකට base layer එක දමන්න – මුල්ට 1st thin resin layer එකක් mold එකට දැමීම (1–2 mm) – ඒක cure වෙන්න 4–6 hours (semi-cured stage එකක් හොඳයි)
  • 4. පින්තූරය position කරන්න – Cure වෙලා ඇති base resin layer එක මත picture එක softly තැබිය යුතුයි – Air bubbles තියෙනවා නම් toothpick එකෙන් gently remove කරන්න
  • 5. ඉහළ resin layer එක දැමීම – මැද පින්තූරය තියෙන්න පිරිසිදු resin layer එකක් ඉහළින් දමන්න – Bubbles remove කරන්න heat gun / lighter lightly use කරන්න
  • 6. Cure කිරීම – Dust-free තැනක 24–48h resin එක cure වෙන්න දෙන්න

සැලකිලිමත් විය යුතු දේවල්: – Inkjet print නම් sealing නැතිව resin එක බොද වෙනවා – Picture එක fold වෙන්න, float වෙන්න ඉඩ නැතිව position කරන්න

පින්තූරය resin එකට ඇතුළත් කරන විට සැලකිලිමත් විය යුතු අමතර කරුණු:

  • 1. පින්තූරය කැපීම: – Mold එකට සරිලන විදිහට පින්තූරය round / square ලෙස කපාගන්න.
  • 2. Bubbles වලට විසඳුම: – පින්තූරය resin එකට දැමූ පසු, bubble එකක් වුනොත් toothpick එකක් / heat gun එකක් අතින් use කරන්න.
  • 3. Double sealing ක්‍රමය (extra care): – පින්තූරය print කරාට පස්සේ clear tape දෙපැත්තෙන් හොඳට හරියට දමා cut කරන්න. මේක laminate එකකට වඩා වෙන easy ක්‍රමයක්.
  • 4. Transparent acetate sheet මත chip කරන ක්‍රමය: – ලේසර් print එකක් clear transparent sheet එකක් (acetate film) මත print කරලා mold එකට දාන්න. ඒක clean සහ floating effect එකක් දෙයි.
  • 5. UV Resin භාවිතයෙන් sealing: – පින්තූරය epoxy resin එකට දාන්න කලින් thin layer UV resin එකකින් coat එකක් දාන්න. UV lamp යටින් cure කරන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top