සිලිකා වැලි නැවත භාවිතා කිරීම සදහා රීඇක්ටිව් කිරීම. 075 256 1993
මල් වියලීම සඳහා යොදා ගන්නා සියලිකා වැලි නැවත නැවත භාවිත කළ හැක. (reusable) සහ දිගු කාලයක් පාවිච්චි කළ හැක – නමුත් ඒ සඳහා නියමිත පරිදි නැවත සක්‍රීය (reactivate) කළ යුතුයි.
පාවිච්චි කල හැකි කාලය :
– මල් වියලීම සඳහා නිසි ලෙස භාවිත කලොත් වසර එකටත් වඩා භාවිත කළ හැකියි. – එය තෙතමනය (moisture) soak වන තෙක් පාවිච්චි කළ හැක.
නැවත භාවිතය (Reactivate කිරීම) :
Blue – pink වර්නය වෙනවා / orange – green වර්ණය වෙනස් වෙනවා නම්, සිලිකා වැලි එක තෙතමනය උරලා කියන් එකයි.
Reactivate කරන ක්‍රමය :
- – අවන් එකේ: 250°F (120°C) පමණ උෂ්ණත්වයකදී 1–2 පැය තබන්න.
- – Microwave එකේ : Defrost / low mode එකෙන් 2–5 min වගේ රත් කරන්න (අධික උෂ්ණත්වයෙන් තියන්න එපා).
- – පසුව සම්පූර්ණයෙන්ම වියලන්න.
- – ලිපේ තියාලා රත් කරලාත් පුලුවන්.හැදි ගාන ගමන් පාට වෙනස් වෙනකල් අඩු ගින්දරේ රත් කර ගන්න.
සැලකිලිමත් වන්න : – කුඩා පැකට්ස් microwave එකේ reactivate කරන්න හොඳ නැහැ. — පුපුරලා යන්න පුලුවන්.
වර්ණ වෙනස් වෙන්නේ නැති silica වැලි නම්, බර වැඩි වීමෙන් හඳුනා ගන්න.
▫️️හැම වෙලාවෙම වර්නය වෙනස් වන සිලිකා වැලිම තෝරා ගන්න උත්සහය කරන්න.
