රෙසින් ආර්ට් නිර්මාණවලට ගැලපෙන වර්ණ තෝරා ගන්නේ කොහොමද?

රෙසින් ආර්ට් නිර්මාණවලට ගැලපෙන වර්ණ තෝරා ගන්නේ කොහොමද?

075 256 1993

රෙසින් ආර්ට් එකක ලස්සනම කොටස තමයි ඉතින් පාට, හොඳ පාට තේරීමක් නිර්මාණයට වටිනාකමක් හා ලස්සන පෙනුමක් ලබා දෙනවා.

බොහෝ දෙනෙක් පාට තෝරන්නේ අනුමානයෙන් උනත් ඇත්තටම Color Wheel (වර්ණ චක්‍රය) භාවිතා කරලා ඉතා පහසුවෙන් ගැලපෙන පාට තෝරාගන්න පුළුවන්.

Color Wheel එක භාවිතා කරන ආකාරය

Colors (ප්‍රතිවිරුද්ධ වර්ණ)

වර්ණ චක්‍රයේ එකිනෙකට මුහුණලා ඇති වර්ණ දෙකක්.

උදාහරණ:

  • දම් + කහ
  • රතු + කොළ
  • නිල් + තැඹිලි

මෙවැනි සංයෝජන ආර්ට් එකට දැඩි කැපී පෙනෙන පෙනුමක් ලබා දෙයි.

Analogous Colors (අසල්වැසි වර්ණ)

වර්ණ චක්‍රයේ එක ළඟ ඇති වර්ණ.

උදාහරණ:

  • නිල් + නිල් කොළ
  • රෝස + දම්
  • කහ + තැඹිලි

මෙවැනි වර්ණ සංයෝජන මෘදු, සුන්දර සහ සුඛෝපභෝගී පෙනුමක් ලබා දෙයි.

Monochromatic Colors (එකම වර්ණයේ ශේඩ්)

එකම වර්ණයේ ලා සහ තද ප්‍රභේද භාවිතා කිරීම.

උදාහරණ:

  • ලා නිල් + තද නිල්
  • ලා රෝස + තද රෝස

අලංකාර සහ නවීන පෙනුමක් ලබා දෙන ක්‍රමයකි.

Dry Flowers තෝරා ගැනීමේදී

ඩ්‍රයි ෆ්ලවර්ස් තෝරන විට ප්‍රධාන වර්ණයට සහාය වන වර්ණ තෝරන්න.

උදාහරණ:

  • නිල් රෙසින් + සුදු ඩ්‍රයි ෆ්ලවර්ස්
  • රෝස රෙසින් + ක්‍රීම් හෝ සුදු මල්
  • දම් රෙසින් + ලා රෝස මල්
  • කොළ රෙසින් + සුදු හෝ කහ මල්

විශේෂයෙන් සුදු, ක්‍රීම් සහ බේජ් වර්ණ මල් බොහෝ වර්ණ සමඟ ගැලපෙන නිසා ආරක්ෂිත තේරීමක් ලෙස භාවිතා කරන්න පුලුවන්.

ගොල්ඩ් සහ සිල්වර් එකතු කිරීම.

රෙසින් ආර්ට් වල Gold Leaf හෝ Silver Leaf භාවිතා කරන විට:

  • නිල්, කළු, දම්, එමරල්ඩ් කොළ → Gold සමඟ ඉතා ගැලපේ.
  • සුදු, අළු, ලා නිල් → Silver සමඟ ඉතා ගැලපේ.

සරල නිර්මාණයකදී වර්ණ 2–3කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා නොකිරීම වඩාත් සුදුසුයි. ප්‍රධාන වර්ණයක්, සහායක වර්ණයක් සහ අවශ්‍ය නම් accent color එකක් පමණක් තෝරා ගැනීමෙන් නිර්මාණයක පිරිසිදු පෙනුම ලබා ගන්න පුලුවන්.

හොඳ රෙසින් නිර්මාණයක් යනු මිල අධික ද්‍රව්‍ය භාවිතා කිරීම පමණක් නොව, නිවැරදි වර්ණ තෝරා ගැනීමත් සමඟයි.

Color Wheel එක හුරු වුණාම ඔයාගේ නිර්මාණවල වර්ණ තේරීම හරිම ලස්සනයි සහ නිවැරදි කියලා ඔයාටම හිතෙයි.

colors wheel එක google එකෙන් ගන්න පුලුවන්.

@top fans Sithu’s House Of Resin

See less

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top