Resin වලින් මුහුද ක් හදනකොට රැල්ල ගන්නේ කොහොමද..
step by step
මුහුදු රැල්ලට භාවිතා කරන පිග්මෙන්ට්
White pigment
ඕනම white පිග්මෙන්ට් එකක් ගන්න පුලුවන්.
Resin Casting Color Paste Ocen ink
Resin Morandi Color white Ocen ink
භාවිතා කරම පිග්මෙන්ට් එක රෙසින් නිර්මාණකරුවාගේන් කෙනාට වෙනස් වෙනවා.ඒකට අත්දැකීම් හා පලපුරුද්ද වගේ දේවල් නිසා.එතකොට තව කෙනෙක් ට තව කෙනෙක් පාවිච්චි කරන දෙයක් හරි යන්නේ නැති වෙන්න පුලුවන්.
blue shades
මුහුදේ ගැබුර පෙන්නන.
Normal white pigment paste එකෙන්ම best result ගන්න පුළුවන්
Hot Gun එක භාවිතා කරන විදිහ
- Resin වත්කරලා white pigment layer එක දාන්න
- Hot gun එක low ස්පීට් වලට දාන්න
- අඩි 6–8ක් දුරින් හුලං අල්ලන්න.
- රැල්ල ස්වාභාවිකව පා වෙලා form වෙනවා
එක තැනක දිගටම heat දෙන්න එපා
Hot Gun එකට ආදේශක
- Hair dryer
- Straw එකෙන් හුස්ම යැවීම
- Heat torch (careful!)
පටන් ගත්ත අලුත් අයට hair dryer එක හොදයි.
Cell Serum කියන්නේ මොකක්ද?
Resin මතුපිට cells / lacing effect හදන්න පාවිච්චි කරන liquid additive එකක්
රැල්ල එනකොට එකට ඇත්ත එකක් වගෙ look එකක් දෙනවා
▪️ කොච්චර දාන්න ඕනද?
Resin 20ml කට 1–2 drops ප්රමාණයක් වගේ.නමුත් ඒක නිශ්චිත ප්රමාණයක් කියන්න බෑ.වැඩියෙන් දාගත්තොත් design එක spoil වෙන්න ඉඩ කඩ තියෙනවා.
UV Resin එකෙන් wave හදන්නේ කොහොමද?
- Base layer එක epoxy resin වලින් හදන්න
- UV resin + white pigment mix කරන්න
- Thin layer එකක් දාගෙන
- Stick එකක් හෝ air flow එකෙන් wave shape එක create කරන්න
- UV light යට cure කරන්න.
- නැතිනම්
UV resin + white pigment mix කරන්න. Thin layer එකක් දාගෙන ඒක උඩින් සබන් පෙන තියන්න.. දැන් uv ලයිට් එකෙන් වේල ගන්න.
පොඩි ආර්ට් වලට uv resin හොදයි Layer by layer කරාම ලස්සන waves ගන්න පුලුවන් වෙයි.
ලේසිම ක්රම ටික
- sell mold එක තියෙනවා.සුදු පාට මික්ස් කරපු රෙසින් දාලා වේලුනාට පස්සේ රෙසින් ආර්ට් එකට දාගන්න.
- transferat white ස්ටිකර් යොදා ගන්න පුලුවන්.
මම රෙසින් ආර්ට් කරන්නේ නැ.ඒ නිසා අත්දැකීමක් නැ.ඒ නිසා ඔයාලා කරන්න විදිහ පියවරවල් විදිහට කමෙන්ට් කරගෙන යන්න.තව කෙනෙක් ට උදවුක් වෙවි.
Sithu’s House of Resin
