රෙසින් නිර්මාණවල මිල තීරණය කරන්නේ කොහොමද?
075 256 1993
රෙසින් ආර්ට් එකක් හදනකොට ගොඩක් අය කරන්නේ රෙසින් වියදම විතරක් බලලා මිලක් දාන එක. ඒත් ඇත්තටම නිර්මාණයක වටිනාකම තීරණය වෙන්නේ ද්‍රව්‍ය පමණක් නෙමෙයි , ඔයාගේ කාලය, නිර්මාණශීලීත්වය, දැනුම සහ මහන්සියත් එක්කමයි.
මිලක් තීරණය කරන විට මේ කරුණු කිහිපය අනිවාර්යයෙන්ම සලකා බලන්නකෝ ඔයා.
1. ද්‍රව්‍ය වියදම ගණනය කරන්න.
ඔයා භාවිතා කළ සියලුම ද්‍රව්‍යවල වියදම එකතු කරන්න.
• රෙසින් සහ හාර්ඩනර්
• මෝල්ඩ් භාවිතයෙන් ඇතිවන වියදම
• ඩ්‍රයි ෆ්ලවර්ස්
• ග්ලිටර්, ගෝල්ඩ් ලීෆ්, පර්ල් පවුඩර්
• හූක්ස්, චේන්, කී රිං, ෆ්‍රේම් හා සියලුම accessories
• වෙනත් අමතර සැරසිලි
2. ඔයාගේ කාලයට වටිනාකමක් දෙන්න.
නිර්මාණය සැලසුම් කිරීම, වර්ණ තේරීම, කාස්ට් කිරීම, සැන්ඩින් කිරීම සහ ෆිනිෂින් කිරීම සඳහා වැය වූ කාලය ගනන් කරන්න.
පැයක වටිනාකම තීරණය කරලා ඒ අනුව කාල වියදම එකතු කරන්න.
3. පැකේජින් සහ ඩිලිවරි වියදම් එකතු කරන්න
• පෙට්ටි
• බබල් රැප්
• Thank You කාඩ්පත්
• ස්ටිකර්
• ප්‍රවාහන සහ ඩිලිවරි වියදම්
මේ වියදම් නොසලකා හැරියොත් ලාභය අඩුවෙන්න පුළුවන්.
4. ලාභයක් එකතු කරන්න
ව්‍යාපාරයක් දිගටම පවත්වාගෙන යන්න නම් ලාභයක් අනිවාර්යයි.
සාමාන්‍යයෙන් මුළු වියදමට 30% සිට 70% දක්වා ලාභයක් එකතු කරන්න පුලුවන්.
නිර්මාණයේ සුවිශේෂීභාවය, අභිරුචි නිර්මාණයක්ද, වෙළඳපොළේ ඉල්ලුම කොපමණද යන්න අනුව,තව ඔයාගේ ජනප්‍රියත්වය අනුව පේජ් එකේ
ඒවත් ඉතින් බලපානවා.
සරල මිල සූත්‍රය
අවසාන මිල = ද්‍රව්‍ය වියදම + කාල වියදම + පැකේජින් වියදම + ලාභය
උදාහරණයක් බලමුකෝ
පහත මිල ගනන් උපකල්පනයක් පමනයි
1. ද්‍රව්‍ය වියදම
• Resin භාවිතා කළ ප්‍රමාණය – රු. 700
• Dry Flowers – රු. 150
• Gold Leaf / Glitter – රු. 100
• Key Ring & Hardware – රු. 150
• Mold Wear & Tear – රු. 100
මුළු ද්‍රව්‍ය වියදම = රු. 1,200
2. කාලය
නිර්මාණය සකස් කිරීම, කාස්ට් කිරීම, ෆිනිෂින් කිරීම ඇතුළුව පැය 2ක් ගියා කියලා සිතමු.
පැයක වටිනාකම = රු. 500
කාල වියදම = රු. 1,000
3. පැකේජින් සහ ඩිලිවරි
• Gift Box – රු. 150
• Bubble Wrap – රු. 50
• Thank You Card / Sticker – රු. 50
• වෙනත් වියදම් – රු. 50
පැකේජින් වියදම = රු. 300
4. ලාභය එකතු කරන්න
මුළු වියදම:
රු. 1,200 + රු. 1,000 + රු. 300 = රු. 2,500
ලාභය 40% ක් එකතු කළහොත්:
ලාභය = රු. 1,000
අවසාන විකුණුම් මිල
ද්‍රව්‍ය වියදම = රු. 1,200
කාල වියදම = රු. 1,000
පැකේජින් = රු. 300
ලාභය = රු. 1,000
අවසාන මිල = රු. 3,500
මතක තබා ගන්න..
ඔයා විකුණන්නේ රෙසින් ටිකක් විතරක් නොවේ. ඔබේ දැනුම, නිර්මාණශීලීත්වය, අත්දැකීම සහ වැය කළ කාලයය,අඩු මිලට විකිණීමෙන් ගනුදෙනුකරුවන් ලැබෙන්න පුළුවන්. නමුත් නිවැරදි මිලකට විකිණීමෙන් ඔබේ ව්‍යාපාරය වර්ධනය වෙනවා ඔයාගේ නිර්මාණයට වටිනාකමක් දෙන්න, එතකොට ඔයාගේ ගනුදෙනුකරුවන්ද ඒ වටිනාකම හඳුනා ගන්නවා..
