රෙසින් art සඳහා මල් වියළීමේදී මල් වල වර්ණය පවත්වා ගැනීම ප්‍රධාන වේ. බොහෝ මල් වියලීමේ ක්‍රමවලට ලුණු ඇතුළත් වේ, මන්ද ලුණු වියළීමේ ක්‍රියාවලිය පුරාම මල්වල වර්ණවත් වර්ණ පවත්වා ගෑනීමට උපකාරි වේ.. ලුණු ස්වල්පයක් සහ තවත් මූලික අමුද්‍රව්‍ය කිහිපයක් සමඟින්, මල් ඒවායේ පාට තරමක් හොදට පවත්වා ගැමීමට හැකිය.
හානියට පත් කොළ මල් පරීක්ෂා කර ඒවා මෘදු ලෙස ඉවත් කරන්න
ඔබ වියළන මල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම සඳහා වියළන ද්‍රව්‍ය (ඩෙසිකන්ට්) කොපමණ ප්‍රමාණයක් මිශ්‍ර කළ යුතුද යන්න තීරණය කරන්න. ඔබ එකතු කරන ලුණු ප්‍රමාණය රඳා පවතින්නේ ඔබ සාදන මල් ප්‍රමාණය මතය.
පියවර 3
සියලුම මල් රඳවා තබා ගැනීමට තරම් විශාල කන්ටේනරයක් භාවිතා කර ලුණු මිශ්‍රණයෙන් අඟල් 1/2 සිට 1 දක්වා පතුලේ වත් කරන්න. මිශ්‍රණයේ මුහුණට ඉහළින් මල් තිරස් අතට තබන්න. ඝනකම් කැකුලු,පොහොට්ටු, කරල් ඇති මල්, ඒවායේ පැතිවල තිරස් ස්ථානයක තැබිය යුතුය. මල් එකිනෙක ස්පර්ශ නොවන බවට වග බලා ගන්න.
මල්වල මුදුන් සහ පැති සම්පූර්ණයෙන්ම ලුණු මිශ්‍රණයේ තැන්පත් වන තුරු ආවරණය කර මෙම කන්ටේනරය වියළි උණුසුම් ස්ථානයක තබන්න. සෑම දින දෙකකට වරක් ඔබේ මල් පරීක්ෂා කිරීම දිගටම කරගෙන යන්න සහ මල් වියළී යන තෙක් බලා සිටින්න. විවිධ මල් වල ප්‍රමනය ඝනකම, වියළීමේ කාලය දින පහේ සිට සති තුනක් දක්වා ගත වේ. මල් අතින් අල්ලන විට කැඩෙන තරමට ඉඩ නොතබන පරිදි සූදානම් වන විට ඒවා ඉවත් කිරීමට වග බලා ගන්න.
try කරලා වැඩේ කොහොමද කියලා මටත් කියන්න.මීට කලින් දාපු ලිපි ටිකත් කියවන්න..
