silicone mold එකක්, දෙවැනි පාර්ශවයකින් අඩු මිලකට විකුණන විට එය සෑහෙන අවධානයෙන් මිලදී ගන්න ඕන ඇයි.??

මේ පොස්ට් එකට නම් ගොඩක් අය මට බනිවි.එත් කියන්නම වෙනවා.whatapp එකට එන් මැසේජ් වල මේ ප්‍රශ්නයයත් තියෙනවා.අඩුවට ගත්තා.ඒත් art එක ගලවන්න බෑ.ඇලවිලා.

පාවිච්චි කරපු mold එකක්, විශේෂයෙන් silicone mold එකක්, දෙවැනි පාර්ශවයකින් අඩු මිලකට විකුණන විට එය සෑහෙන අවධානයෙන් මිලදී ගන්න ඕන ඇයි.??

මෙන්න ඇයි එහෙම mold ගන්න එක ගැන සැලකිලිමත් විය යුතුයි කියන හේතු:

  • 1.Mold එකේ ආරක්ෂාව සහ තත්ත්වය සහතික නැහැ – එක පාරක් හරි වැරදි වශයෙන් පාවිච්චි කරලා තියෙනවනම්, mold එක deform වෙලා තියෙන්න පුළුවන්. – mold එක හොඳට closing වෙන්නෙ නැහැ. – නොපෙනුනාව හීට් ගන් එකක් ලයිටර් එකක් අල්ලලා පිචිචිලා තියෙන්නෙ පුලුවන්. – එක පාරයි use කලේ qwa ට සහතික කර ගන්න පුලුවන් ද.
  • 2. Silky finish එක නැති වීම. – පාවිච්චි mold එකක් polish surface එක නැති වෙලා තියෙන්න පුළුවන්.(මොල්ඩ් එකේ මතුපිට සුදු වෙලා නම්)
  • 3. Cleanliness/ Hygiene – කලින් කෙනා පැහැදිලිව සෝදලා නැත්නම්, mold එකේ resin residue, glitter, colorant,තෙල් වගේ දේවල් තියෙන්න පුළුවන්. – ඒවෙන් ඔබේ resin project එකට defect එන්න පුළුවන්.
  • 4. Long-term durability guarantee නැහැ – පාවිච්චි mold එකකට crack, tear, deformation වගේ ලකුණු තිබුණත්, seller කෙනා එහෙම කිවෙ නැහැ නම්, ඔබ ගෙවන සල්ලිත් නාස්තියක් වෙනවා.

සාර්ථකව mold ගන්න එකට පිළිවෙලක්: 1. Clear, close-up photo එකක් ඉල්ලන්න. 2. කිසිම defect නැද්ද කියලා seller කිවුවා කියලා record එකක් තබාගන්න. 3. Refund / return policy එකක් තියෙන seller ගෙන් විතරක් ගන්න. 4. ඉතා අඩු මිලකට දෙන්නේ නම් “ඇයි?” කියලා හොඳටම බලන්න.

අළුත් mold එකක් ගන්න තරමටම විශාල වියදමක් නැ තමයි.

resin වලදී mold එකේ quality එක තමයි project එකේ outcome එකට direct සම්බන්ධ වෙන්නේ.

ඒ නිසා මොල්ඩ් දෙවනි පාර්ශ්වයකින් මිලදී ගන්නවට වඩා පොඩි මුදල්ක් වැඩියෙන් දීලා අලුත් එකක්ම ගන්න.තව වැඩි කාලයක් හා art එක ලස්සනටත් ගන්න පුලුවන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top